සියළුම අයිතම පරීක්ෂා කිරීම් සඳහා අවම LKR 300ක මිලක් ලබාගන්නා බව කරුණාවෙන් සළකන්න.
ඔබගේ අයිතම සඳහා උපරිම සේවාකාලය දින 7කි. දින 14ක් ඇතුළත් රැගෙන නොයන අයිතම සඳහා ආයතනය විසින් කිසිඳු වගකීමක් ගනු නොලබන අතර දින 14න් පසු සෑම දිනයක් සඳහාම LKR 50ක රඳවා තබාගැනීමේ ගාස්තුවක් අයකරනු ලැබේ. (උදා: දින 30කට පසු ඔබ අයිතමය ලබාගන්නේ නම් සේවා ගාස්තුවට අමතරව LKR 50 x 16 = LKR 800 ක් ගෙවීමට සිදුවේ.) මෙලෙස සිදුකිරීමට හේතුව වී ඇත්තේ සාදා නිම කරනලද අයිතම පාරිභෝගිකයින් රැගෙන නොයාම නිසා ඉතා දිගුකාලයක් ආයතනය තුළ රඳවා තබා ගැනීමට සිදුවීමයි.
අයිතම රැගෙන යාම සඳහා මෙම බිල්පත අනිවාර්යය වේ. දින 180කට පසු රැගෙන නොයන අයිතම, අත්හැර දැමූ අයිතම ලෙස සළකනු ලබන අතර ඒවා සඳහා පූර්ණ අයිතිය ආයතනය සතුවන බවත් නැවත විකිණීමට හෝ අන් ක්රියාමාර්ග සඳහා පූර්ණ බලතල ආයතනයට පවතින බවත් කරුණාවෙන් සළකන්න.
කරුණාකර බිල්පත පිටුපස ඇති වගකීම් විස්තරයද කියවා අවබෝධ කරගන්න. ගැටළු පවතීනම් ආයතන නිළධාරීන්ගෙන් විමසන්න.
ඔබ අදාළ සේවාගාස්තු සම්පූර්ණ කරනතෙක් අදාළ අයිතමය අපසතුව තබාගැනීමේ සියළු වගකීම ආයතනය සතුවේ.
ඔබ ලබාදෙන අයිතමයේ ඇති පෞද්ගලික/ වටිනා තොරතුරු ඉවත්වීම සම්බන්ධව අප ආයතනයට වගකීමක් ගැනීමට නොහැකි බැවින් දත්ත පිටපත් කර (Backup) භාරදීමට කාරුණික වන්න. තවද ඔබගේ තොරතුරු අප ආයතනය තුළ පුද්ගලයින්ට හෝ වෙනත් පාර්ශවයන්ට ලබානොදෙන බවට ආයතනය විසින් සහතික කරනු ලැබේ.
Main Address | W3 Computers Building Complex, Dewalapola |
Phone | +71 421 7447 |
w3computers@gmail.com |